Friday, January 13, 2017

අසීමිත වාචාල කමින් ජීවිත විනාශකල විමල් දැන් අස්වැන්න නෙලාගනිමිනි සිටී....

මේ කෑගසමින් වනසන්නේ කාගේ ආත්ම ගරුත්වයද?
විමල්ට සිදුවී ඇති නස්පැත්තිය පිලිබඳව අජිත් පැරකුම් සිය W3 Lanka බ්ලොගයේ වැදගත් සටහනක් තබා තිබුණි. ඔහු කියන පරිදි කලක් විමල් ඔවුන්ගේ දේශපාලන කවයේ සගයෙක් වී සිටි දුප්පතෙකි.

අජිත් පැරකුම්ගේ W3 Lanka සටහනට අනුව විමල් සිදුකොට ඇති දූෂණ හා වංචාවලින් අල්පයක් පහත දැක්වේ. 

වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන ලබා දී තිබුණු බව ප්‍රසිද්ධ විය. ඉංජිනේරු සංස්ථාවේ මෙවැනි වංචා ගණනාවක් හෙළිදරව් වී බොහෝ කල් ය. වාහන අවභාවිතාවට අමතරව, විමල් වීරවංශගේ ගෝලයන් ගණනාවකට සහ ඔවුන්ගේ බිරියන්ට, ඥාතීන්ට කිසිදු වැඩක් නො කර ගෙදර සිටියදී වැටුප් පවා ගෙවන ලදී.

මේ සටහන විමල්ගේ හොරකම් ගැන නොවේ. කමිසයක් යාළුවන්ගෙන් ඉල්ලාගෙන ගමන් ගිය, 9 ශ්‍රේණිය සමත් වීරවංශ වසර 20 පමණ යනවිට කිසිදු ව්‍යාපාරයක්, වෘත්තියක් නොකොට කෝටිපතියෙකු වීම ගැන පොත් කිහිපයක් ලිවිය හැකි විය යුතුය.

මේ ලියන්නේ විමල්ගේ අසීමිත වාචාලකම ගැනය. විමල් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පැමිණීමෙන් පසු ඔහුගේ වාග් ප්‍රහාර නිසා විනාශවූ මිනිසුන් විශාල පිරිසකි. කිසිවිටකත් හරි වැරැද්ද ගැන නොසොයූ විමල් ඒ මොහොතේ වාසියට පන්න පන්නා පහරදී ජාතික ජනමාධ්‍ය හරහා මිනිසුන් විශාල පිරිසකට, දුක් වේදනා, රැකියා, ව්‍යාපාර අහිමිවීම්, පවුල් කැඩීම්, දරුවන්ට පාසැල් යාම්. බිරිඳට, මව්පියන්ට පාරේ බැස යන්නට බැරි තරමට ලැජ්ජාවට පත්කිරීම් ඇතිකර තිබේ.

විමල්ගේ අසීමිත වාචාලකම ඒ මිනිසුන්ට ඇතිකල චිත්ත වේදනාව, ඒ මිනිසුන්ගේ දරුවන්ට, කළත්‍රයන්ට, දෙමව්පියන්ට ඇතිකල චිත්ත වේදනා, මානසික පීඩා, ආර්ථික පාඩු වලට මිලක් නියමකල හැකිද? 

විමල්ගේ ප්‍රසිද්ද වාචාල ප්‍රහාරවලට ලක්වුනු කීදෙනෙකුගේ ආයුෂ කොට වන්නට ඇතිද? කී දෙනෙකු රෝගීන් වන්නට ඇතිද? කීදෙනෙකුගේ දරුවන්ට පාසැල් යාමට ලැජ්ජා නිසා අධ්‍යාපනය අතරමග කෙටි කලකට හෝ නතරවන්නට ඇතිද?

දිට්ඨ ධම්ම වේදනීය කර්මය විමල්ට පටිසන් දී තිබේ. සිය වාචාල වාග් චාතුර්යය මගින් විමල් මිනිසුන් ගණනාවකට ලබාදුන් වේදනාවන් දැන් නැවතත් ඔහුට, ඔහු පවුලට හා දරුවන්ට ලැබෙමින් තිබේ....

ඔබේ දියණියට මේ දැනෙන වේදනාව, මේ රටේ දරුවන් කීදෙනෙකුට ඔබ අත්කර දුන්නේද?

කණගාටුයි ඒත් විමල් කරන්න දෙයක් නැත........... වැපිරූ දෑ දැන් නෙළාගන්න.... 




 - කණ්ඩුළ හස්තිගිරි

Visit Me on Facebook

9 comments:

  1. යකෝ ඒක මාර කතා වක්නෙ... විමලා කිච කලේ දේශපාලනේ කරන උන්ව මිසක් අහවල් උන්වද? අනික විමලා කොහෙවත් නැති බොරැ මඩ ගැහුවෙ නෑනේ කාටවත්.... උගේ කටට මිනිස්සු මෙච්චර බය බව අදයි දන්නෙ....

    ReplyDelete
    Replies
    1. කරුණාකර විමල් වීරවංශ පසුගිය වසර 10 තුල සිදුකල කතා අසා බලන්න. ඔහු විනාශ කලේ දේශපාලකයින් පමණක් නොවේ...

      Delete
    2. විමල්ට විනාස කරන්න තරන් දේශපාලකයෙක් හිටියෙ නෑ. පොර දේශපාලකයො කියපු කරපුවා කිව්වා විතරයි... ඒ සාමානය දේශපාලනය. ඊට අමතරව නන් ඔය රන්ජන්ලා වගේ බොරැ කෙබර මඩ ගහලා මිනිස්සුව පච කරපුවා මම නන් දැකලා නෑ. එහෙම තියෙනවා නන් කියන්න‍ මටත් දැන ගන්න.

      Delete
  2. මඩ හා තුප්පහි කතාවේ පිකාසෝට කෙලවීම බුදු බණ සත්‍ය බව පසක් කර දෙයි...

    ReplyDelete
  3. නහී වේරෙන වේරානී.

    ReplyDelete
  4. palayn doo yanna ... meya dan weerayek,,,, umbala danna deshaa palanaya .... weerayata dan thama certificate eka labbune.....

    ReplyDelete
    Replies
    1. විමල් කොහොමත් තණකොල බුදින්නන්ගේ වීරයා තමයි....... බිස්කට් කකා උපවාස කරපු මනුස්සයානේ...

      Delete
  5. Replies
    1. තමාගේ අක්කා, බිරිඳගේ අක්කා වැනි ලඟම නෑදෑයන් 5 දෙනෙකුට රජයේ වාහන 14 ක්ද රාවණා බලයේ නායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, ලංකාදීපයේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්, නළු ලාල් කුලරත්න, පියසිරි විජේනායක වැනි තමන්ගේ හෙංචයියන්ට වාහන 23 ක්ද ඇතුළු රජයේ වාහන 37 ක් අවභාවිතා කරමින් මහජන මුදල් රුපියල් 9 කෝටි 16 ලක්ෂකට අධික ගණනක් රජයට පාඩු කළ විමල් වීරවංශ.

      එනම්
      GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන 6 ලබා ගත් වීරවංශගේ සුමනාවතී අක්කාගේ වැඩිමහල් පුතා ලලිත් පුෂ්පකුමාර
      GO 4894 දරණ වාහනය ලබා ගත් සුමනාවතී අක්කාගේ බාල පුතා රිද්ම විමුක්ති වීරවංශ
      KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන 5 ලබා ගත් ශෂී වීරවංශගේ අක්කා වූ තනුජා නිශාන්තිගේ සැමියා වූ ආනන්ද අසෝක කුමාර
      JN-8058 දරණ වාහනය ලබා ගත් වීරවංශගේ බාල නංගී නිලානි වීරවංශ
      GY-4635 දරණ වාහනය ලබා ගත් බාල නංගී නිලානි වීරවංශගේ සැමියා ආනන්ද ප්‍රියදර්ශන

      Delete