Friday, February 10, 2017

ගොන් මාධ්‍ය, මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය

විවිධ බ්ලොග් කරුවන් රට අරාජිකත්වයට යනවා යයි කියයි. නායකත්වයක් නැතැයි කියයි. මගේ ආකල්පයට අනුව මේවා හුදෙක් මතුපිටින් පෙනෙන්නට තිබෙන දෑ හා වෙනත් ගොසිප් මත පදනම් වුනු විවේචන මිස ගැඹුරින් තොරතුරු ගවේෂණය කොට සිදු කරන ඒවා නොවේ.

රට අරාජික බව, නායකත්වයක් නැති බව පෙනීම ලැබුණු නිදහස ගොනුන් මෙන් භාවිතා කරන වෘත්තීය සමිති කිහිපයක්, අන්තරේ හා ලංකාවේ ඇම්.බී.බී.ඇස් ඩොක්කුන්ගේ නිළ ත්‍රස්තවාදී සංවිධානය වන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවත්වන උද්ගෝෂණ ජන ජීවිතයට කරන බාධා නිසා ඇතිවූවකි.

මෙම බොහෝ උද්ගෝෂණ ජය පරාජයකින් තොරව අවසන්වේ. හොඳම උදාහරණය පෝට් සිටි විරෝධී උද්ගෝෂණයයි. එයට කුමක් සිදුවී දැයි උද්ගෝෂණ නායකයින් පවා නොදන්නා ගානය. එකල පෝට් සිටි උද්ගෝෂණ ලංකාවේ වසල මීඩියාකාරයින් භාවිතා කලේ ඇත් කුණ මත නැගගෙන එය කමින්, එහි නිදා ගනිමින්, එහිම මළමුත්‍රා කල නරියා මෙනි.

මාස ගාණක් ඇත් කුණෙන් ජීවත් වුනු කුජීත නරියාට දැන් සයිටම් ඇත් කුණ හමුවී ඇත. ඊට පෙර උතුරේ ආවා ගෲප් ඇත්කුණ, නැගෙනහිර බුදුපිලිම කැඩීමේ ඇත්කුණ, ජීවිතේට තම දෑසින් විල්පත්තු අභයභූමියේ ගේට්ටුව වත් නොදැකපු පරිසර ලවර්ස්ලාගේ බදුර්දීන් ඇත් කුණද, ගෝස්ෆෙස් නත්තල් ගස් ඇත් කුණ, විසිපන්දාගේ රථවාහන දඩ ඇත් කුණ ආදී ඇත් කුණු ලැබී තිබුණි. ඒවාට සිදුවූයේ කුමක්ද? කිසිවක් නැත. මාද්දිය වසලයින් කොතෙක් ඩෙඟා නැටුවද සිදුවූ දෙයක් නැත. ආණ්ඩුව ඉදිරියටම යයි. මෙතරම් ඩෙඟා නැටුවද මහින්දගේ ඒකා බද්දෙ අලුත්ම වෙඩි මුරයට පවා හරිහමන් ශ්‍රී ලංකා කාරයෙක් ගෙන්නා ගන්නට හොරු රැළට බැරිවිය.

සයිටම් හැරුණවිට අන් සියලු ඇත් කුණු කාළයාගේ ඇවෑමෙන් පස්වී ගිය අතර ඒ ඇත්කුණු මත නැගී, කමින්, කෑගසමින්, එතනම පහරමින් සිටි මාද්දිය නරි හා ඒකා බද්දේ ලොම් හැළුණු වෘක්කයින්, ඒ කුණ පස්වී යන විට අලුත් කුණක් ඉව අල්ලමින් ගාටන්නට පටන් ගනී.

W3 පැරකුම් වැනි සමහර බ්ලොග් කාරයින්ට හා යුධ විරෝධී විකා(චා)රකයින්ට අනුව මෛත්‍රීට කොන්දක් නැත්තේ වැරදිකල ආමි කාරයින්ට දඬුවම් නොදීම නිසාය. මෛත්‍රී එය නවත්වාගෙන ඉන්නා බව ඔවුන් කියයි. එයින් පෙනෙන්නේ මෛත්‍රීට කොන්දක් න් ඇති බව නොව, කෙසඟ සිරුරක් ඇති මෛත්‍රීගේ තීක්ෂණ දේශපලන ඉව බවයි. 

හමුදා නායකයින් අධිකරණයට ගෙනවිත් කලින් රනිල්ගේ ආණ්ඩුව වට්ටවාගත් "මිලෙනියම් සිටි" වැනි දේශපාලන විනාශයක් කරගැනීමට මෛත්‍රීට මෙන්ම රෑ මිලෙනියම් සිටි වලේ වැටී ආණ්ඩුවද නැතිවනු රනිල්ට මහදවාලේ පෙනි පෙනී වැටීමට උවමනාවක් නැත. රට අරාජිකවෙලා කියා කෑ ගසන බ්ලොග් කාරයෝ කියන දේවල් වලින් පාඩු වෙන්නේ දුක් විඳිමින් ආණ්ඩුවක් හදාගෙන ඒක කරගෙන යන්නට වලි කන මිනිස්සුන්ට මිස පාට් ටයිම් බ්ලොග් කාරයින්ට නොවේ. ආණ්ඩුව නැතිවෙන්නේ උන්ටය. ගුටි කන්ඩ වෙන්නේ උන්ටය. 

බ්ලොග් කාරයින්ට නොතේරුනාට මේ රටේ මිනිස්සුන් යුද්ධය අවසන් කල හමුදාවට දක්වන ගෞරවය බිඳක් හෝ අඩුවී නැත. නන්දිකඩාල් පොත අරගෙන ගෙදර තියාගත්තත් සැපැයි කියමින් මිනිස්සු පොර කකා ඒ පොත ගත්තේ පිස්සුවට නොව සැබැවින්ම හමුදාවට ආදරය කරන බැවිනි. පදක්කම් පුරවාගෙන උසාවි පැමිණෙන හමුදා ලොක්කන් හා ගෝඨා පදක්කම් ගලවා, ජම්පරය අන්දවා රිමාන්ඩ් කල හොත් ආණ්ඩුවට සිදුවන දෙය මෛත්‍රීගේ දේශපාලන ඉවට හොඳින් ග්‍රහණයවේ. ඔහු එම ක්‍රියාන්විතය ලත් තැනම ලොප් කොට දැමුවේ ඒ නිසාය.

නායකත්වය යනු වාචාලකම, මදාවිකම හා පුහු මාන්නය යයි සිතාගෙන ඉන්නා ලාංකික මෝඩයින්ට මෛත්‍රීව හා රනිල්ව තේරුම් ගත නොහැක්කේ ඒ බැවිනි. W3 අජිත් පැරකුම් එවැනි මෝඩයෙක් යයි මම නොකියන මුත්, අජිත් පැරකුම්ට පවා මෙම දෘෂ්ඨිමානයෙන් එහා නොපෙනෙන්නේ, ටීවී, පත්තර, රේඩියෝ මාද්දිය හිඟන්නන්ගේ නරි නාටක වලින් දෑස් නිලංකාරවී ඇති නිසා විය යුතුය.

රනිල් ගහන්නේ වෙනම ගේමකි. ඒත් එය මෛත්‍රීගේ ගේමට වෙනත් ආනතියක යන ගේමක් නොව මනා සුසංයෝගයකි. වතාවන් තිස්ගාණක් පැරදුනු නපුංසක මෝඩයා යයි මහින්දගේ ත්‍රීවීලර් දේසප්‍රේමී නඩය රනිල්ට හිනාවුනද එසේ පැරදීමෙන් රනිල් ලබා ඇති දෑ ඔවුන්ට නොතේරෙයි. 

රනිල් යනු පැරදෙන්නට බය නැති මිනිහෙකි. 25,000 දඩ කළබැගෑනිය, රු.30 ලොතරැයි අවනඩුව මෙන්ම, හමුදා ලොක්කන් උසාවි ගෙනෙ ඒමේ ගොන් පාට් එකේදී රනිල් අඩියක් පස්සට ගෙන නිහඬව පැරදුනේය. 

මෛත්‍රීට විරුද්ධව වචනයක් නොකී මෙන්ම ගෝලයිගේ කටවල්ද පරිස්සම් කරගත් ඔහු ගහන්නේ සටනක් දෙකක් පැරදී පසුබැස යුද්ධය දිනීමේ ස්ට්‍රැටෙජියයි. රනිල්ගේ නිහඬ පසුබැසීම නිසා මෛත්‍රීට සිය ගෞරවය ආරක්ශාකරගෙන රනිල්ව හා යූ ඇන් පිය කොන්ට්‍රෝල් කරගෙන යා හැකි නායකයෙක් බව පෙන්වන්නට හැකිවේ. එහි වාසිය මෛත්‍රීට පමණක් නොව රනිල්ටද ලැබේ. රනිල් පැටලෙන (හා රවී වැනි ගොන් තඩියන් පටවන ) පඹගාල්වලින් ගැලවීමේ මාර්ගය මෛත්‍රී පත්තෙරෙන් දැකගෙන ලබදෙන විසඳුම් නිසා ලැබේ.

රනිල් හා මෛත්‍රී ගහන්නේ ටෙස්ට් මැච් එකකි. විකට් එකක් දෙකක් පූජා කොට, නොඉඳුල් ඕවර ඕනෑ තරම් යන්නට හැර දීර්ඝ ඉනිමක් ගොඩ නැගීම මේ මිනිසුන් දෙන්නාගේම අරමුණ බව පෙනේ. 20යි 20 ලාමක දේශපාලන ත්‍රිල් ලබාගෙන පුරුදු ලාංකිකයාට මෙවැනි ලෝන්ග් ටර්ම් ගේම් හරිම බෝරිංය. ඒත් කරන්න දෙයක් නැත. රටට ඕනෑ දීර්ඝ ඉනිමක් ගොඩනගන ආණ්ඩුවක් මිස මුරලිදරන්ගේ බැටිං ස්ටයිල් එකෙන් පොල් අඩි දෙකතුනක් පලා ඉක්මණට ගෙදර යන ආණ්ඩුවක් නොවේ.

සිරස, හිරු, දිවයින, නෙත් වැනි මාද්දිය තක්කඩි කොතරම් නැටුවද, දවසේ කොතරම් පැය ගාණක් ආණ්ඩුව විවේචනය කලද, මහින්ද නඩයට හා ආණ්ඩුවට බැනීමට කොතරම් පිටු ගානක් වෙන් කලද රනිල් හා මෛත්‍රී ඒවා ගණන් නොගන්නේ රේටින් පස්සේ ගාටන, සල්ලිදීලා ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් මිළදීගන්නා, කෝටි 2ක් මිනිස්සු ඉන්නා රටේ පිටපත් 25,000ක් විකුණාගන්නට බැරි ජාතික පත්තර කඩමාළු හා චැනල් අයිතිකාර මුදලාලිට හා උන්ගේ හිඟන මාද්දියවේදී නඩයට ඕනෑ විධියට රටක් ගෙනයා නොහැඛි බැවිනි.

උඹලා ඕනෑතරම් බැනපල්ලා, නටපල්ලා, අපේ ගමන අපි යනවා......... රනිල් හා මෛත්‍රී ගහන ගේම ඕකය. ඕක තේරුම් ගන්නට බැරි අයට මේ ආණ්ඩුව හා රට වේගයෙන් අරාජික වෙමින් යයි. 

ස්වීට් ඇනර්කි ඩ්‍රීම්ස්.......අරාජිකත්වයේ සුබ සිහින දකිමින් නිදන්න...... ඔබ ඇහැරෙන විටද රනිල් අගමැති, මෛත්‍රී ජනපති.....










Tuesday, January 17, 2017

උතුරේ බුදුපිළිම කඩන්නේ දකුණේ මැර පිරිසක්?


15 January 2017

උතුර සහ නැගෙනහිර පළාත්වල බුදු පිළිම විනාශ කිරීම සහ ඒ හා සම්බන්ධ ප්‍රචාරක ව්‍යාපෘති දියත් කිරීම කරනු ලබන්නේ දකුණේ සිටින අන්තවාදීන් පිරිසක් විසින් බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත. භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු පැමිණිලි සහ අදාළ ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගෙන් ලත් පැමිණිලි අනුව බුදු පිළිම කඩා බිඳ දමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කරන ලද විමර්ශනයක දී මේ බව අනාවරණය කරගෙන ඇත.

උතුරු ප්‍රදේශයේ යුද හමුදා කඳවුරු ආශ්‍රිත භූමිවල තිබූ බුදු පිළිම කඳවුරු ඉවත් කර ගැනීමත් සමඟ ඉවත් කර නොතිබූ අතර එම ඉඩම් ජනතාවට ලබා දීමෙන් පසුව ඔවුන් වගාකටයුතු සඳහා භූමිය සකස් කිරීමේ දී හමුදාව විසින් ඉදිකර තිබූ ඉදිකිරීම් ඉවත් කර ඇත. නැගෙනහිර ප්‍රදේශයේ එවැනි ඉඩම් සහ මංසන්ධි ආශ්‍රිතව තිබූ ඇතැම් බුදු පිළිම සහ කුටි විනාශ කර ඇත්තේ වන අලි විසින් බව එම ස්ථානවල අලි බෙටි ගසා තිබීමෙන් පෙනී යන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරියකු සත්හඬට පැවසීය.

රජය මඟින් සංහිඳියා සතියක් ප්‍රකාශයට පත් කර තිබිය දී (ජනවාරි 8 සිට 14 දක්වා) එම කාලය තුළ ත්‍රිකුණාමලය, උප්පුවේලි, වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප්‍රදේශවල බෝ ගස් සහ මංසන්ධි ආශ්‍රිතව තිබූ කුඩා බුදු පිළිම කිහිපයක් කඩා බිඳ දමා තිබූ අතර ඇතැම් ඒවාට කළු තෙල් ප්‍රහාර එල්ල කර තිබිණි. කළු තෙල් ප්‍රහාර පිළිබඳව පොලිස් කණ්ඩායම කරන ලද විමර්ශනයක දී හෙළි වී ඇත්තේ එම ප්‍රහාර එල්ල කර ඇත්තේ අදාළ සිදුවීම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා සැලසුම් සහගතව බවය. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවැති සමයේ දී පවා බුදු පිළිම ආරක්ෂා වී තිබිය දී හිටි හැටියේ ඒවා විනාශ කරන කණ්ඩායම් ක්‍රියාත්මක වීම කෙරෙහි පොලිස් බුද්ධි අංශවල විශේෂ අවධානය යොමු කර ඇත.

බුදු පිළිම විනාශ කර ඇතැයි ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අන්තවාදී කණ්ඩායම් ගෙන යන ප්‍රචාර සඳහා තායිලන්තය, නේපාලය යන රටවල ස්වාභාවික විපත්වලින් විනාශ වූ බුදු පිළිමවල ඡායාරූප පළ කර ඒවා ලංකාවේ නැගෙනහිර පළාතේ විනාශ කර ඇති බුදු පිළිම ලෙස හුවා දැක්වීම පිළිබඳව ද බුද්ධි අංශ අවධානය යොමු කර ඇත. සංහිඳියා සතිය තුළ මෙසේ බුදු පිළිම විනාශය පිළිබඳව ප්‍රචාරය කිරීම ජාතීන් අතර සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියා කරන අන්තවාදී කණ්ඩායම්වල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බව විනාශ කළ බුදු පිළිම වෙනුවට පසු දිනම එම ස්ථානවල නැවත පිළිම තැන්පත් කිරීමට පැමිණෙන පිරිස්වලින් පෙනී යන බව ද පොලිස් කණ්ඩායම් පවසති.

කෙසේ වුව ද රජය මඟින් සංහිඳියා සතියක් ප්‍රකාශයට පත් කර තිබිය දී එම සතිය තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ දැන ගැනීම සඳහා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් මහතා සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක දී අප උත්සාහ කළත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

රජය විසින් ත්‍රස්තවාදී සැකකරුවන් මුදාහැර තිබිය දී තවමත් සුළු වැරැදි කළ උතුරු නැගෙනහිර තරුණ පිරිස් ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස රඳවාගෙන සිටීම සාධාරණ නොවන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත. තත්ත්වය එසේ වුව ද සංහිඳියා සතිය නිශ්ශබ්දව ගෙවා දැමීම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා සිය කනස්සල්ල පළ කර ඇත.

දයා නෙත්තසිංහ

http://sinhala.srilankamirror.com/news/1854-southern-extremists-behind-buddha-statue-destruction-in-north

Sunday, January 15, 2017

GSP+ හා කක්කුටු සිංචල

රාජපක්ෂ කක්කුටුලාට තවත් අසුබ ආරංචියක් ආවේ ඊයේ පෙරේදාය. ඒ ජී.ඇ.පී+ සහනය ආපසු දෙන බවත්, විරෝධතා සඳහා කාලය ලබාදී යෝජනාව ස්ථිර කරන බවත්ය. අපනයන නෑ, ආයෝජන නෑ කියමින් අමාරුවෙන් ගෙන ආ වාහන එකලස් කිරීමේ ආයෝජනය හා ටයර් නිෂ්පාදන ආයෝජනයේ වැරදි කියමින් ඩෙඟා නැටූ රාජපස්ස නඩයේ පස්ස බිම ඇණී තිබේ. එය රජය නොව මේ රටේ මිනිසුන් ලැබූ ජයකි.

රටට ආදෙරෙයි, බුද්ධාගමට පණ දෙනවා කියපු උන් රට චිනාට සින්නක්කර විකුණමින්, දළදා මාලිගාව වටා රේස් පදිමින් අරක්කු විකුණමින් සියලු පජාති වැඩ කරනවිට ඉවසා වදාරා සිටි උණ්ඩුක පුච්ඡ නඩය කුලප්පු වන්නේ රටට ආයෝජනයක් එන විටය. රටේ ප්‍රශ්ණ මේ රටේම ජීවත් වන මිනිසුන් හා කතාබහ කොට විසඳාගන්නට යන විටය. රාජපක්ෂ නඩය උරුම කල මහමෙර වන් ණය බරෙන් ටිකක් හෝ ගෙවාගෙන ඒවායින් හදපු නැව් එන්නැති වරායට නැව් ටිකක් ගෙන්නා ගන්නට පොටක් පාදාගන්නට යනවිටය.

බයියලා අපට බණින්නේ රටේ මෙච්චර වින්නැහියක් වෙලත් මුන්ට ගාණක් නෑ කියලාය. වින්නැහිය වී ඇත්තේ රටට නොව රජපස රෙද්දේ හැංගී රට උලාකෑ උන්ට බව දැන් පැහැදිලි වේ.

වාහන 37ක් නෑයන්ට, සට්ටැඹියන්ට දී කෝටි ගණන් පාඩුකල එකා "යුතුකම් ඉටුකල උතුම් පුතා" කියමින් බයිලා ගහන්නේ හතර ගාතේ වැටී සිටින බයි නඩයයි. 

උන්ටනම් ආයේ ගොඩ එන්නට බැරිය. මේ ආණ්ඩුව වට්ටන්න බැරි බව කියන්නේ ජනපතිය. මොකා මොනවා කිව්වත් චන්ද්‍රිකා ආණ්ඩුව ගෙනිච්චේ පාර්ලිමේන්තුවේ එක චන්දෙකින් බව කක්කුටුලා වටහා ගත යුතුය. 

එහෙව් එකේ මහින්දතුමාට ආයේ රජවෙන්නට බැරිය. ගෝඨාතුමා ඉස්සරහට දාගෙන මොනවා ජල්ලියක් අල්ලන්නට පුලුවන. ඒත් ගෝඨාට කැමති උන් හැමෝම ගෝඨාගේ නැට්ටේ එල්ලි එන මහින්ද රාජපක්ෂගේ උරුලෑ සංහතියම ඔඩොක්කුවට දාගන්නට කැමති වෙන්නේ නැත. ගෝඨා උන්නැහේ උනත් මහින්දගේ සාටකයේ එල්ලෙන්නේ නැතුව කල් බලන්නේ මේ නිසා වන්නට පුලුවන. 

රාජපක්ෂගේ නැට්ටේ එල්ලී ඇවිත් කන්ඩ පුලුවන් තැන් වලට පැනගෙන නවත්තපු තැන ඉඳන් ආයෙත් කාගෙන කාගෙන යන්නට බලාගෙන කෙළ හලන තුප්පහි හිවල් නඩය ගැන අපට වඩා දන්නේ මොළයක් ඇති මිනිහෙක් වන, යුද්ධය ඉවර කරන්නට දැවැන්ත මෙහෙයක් කල ගෝඨාභ රාජපක්ෂ මහත්තයාමය. රජපස රජසමයට කෙලවුනේද උන් නිසාම බව රජපසට වඩා තේරුම් ගෙන ඇත්තේ ගෝඨාභය බව අපට සැක නැත.


Friday, January 13, 2017

අසීමිත වාචාල කමින් ජීවිත විනාශකල විමල් දැන් අස්වැන්න නෙලාගනිමිනි සිටී....

මේ කෑගසමින් වනසන්නේ කාගේ ආත්ම ගරුත්වයද?
විමල්ට සිදුවී ඇති නස්පැත්තිය පිලිබඳව අජිත් පැරකුම් සිය W3 Lanka බ්ලොගයේ වැදගත් සටහනක් තබා තිබුණි. ඔහු කියන පරිදි කලක් විමල් ඔවුන්ගේ දේශපාලන කවයේ සගයෙක් වී සිටි දුප්පතෙකි.

අජිත් පැරකුම්ගේ W3 Lanka සටහනට අනුව විමල් සිදුකොට ඇති දූෂණ හා වංචාවලින් අල්පයක් පහත දැක්වේ. 

වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන ලබා දී තිබුණු බව ප්‍රසිද්ධ විය. ඉංජිනේරු සංස්ථාවේ මෙවැනි වංචා ගණනාවක් හෙළිදරව් වී බොහෝ කල් ය. වාහන අවභාවිතාවට අමතරව, විමල් වීරවංශගේ ගෝලයන් ගණනාවකට සහ ඔවුන්ගේ බිරියන්ට, ඥාතීන්ට කිසිදු වැඩක් නො කර ගෙදර සිටියදී වැටුප් පවා ගෙවන ලදී.

මේ සටහන විමල්ගේ හොරකම් ගැන නොවේ. කමිසයක් යාළුවන්ගෙන් ඉල්ලාගෙන ගමන් ගිය, 9 ශ්‍රේණිය සමත් වීරවංශ වසර 20 පමණ යනවිට කිසිදු ව්‍යාපාරයක්, වෘත්තියක් නොකොට කෝටිපතියෙකු වීම ගැන පොත් කිහිපයක් ලිවිය හැකි විය යුතුය.

මේ ලියන්නේ විමල්ගේ අසීමිත වාචාලකම ගැනය. විමල් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පැමිණීමෙන් පසු ඔහුගේ වාග් ප්‍රහාර නිසා විනාශවූ මිනිසුන් විශාල පිරිසකි. කිසිවිටකත් හරි වැරැද්ද ගැන නොසොයූ විමල් ඒ මොහොතේ වාසියට පන්න පන්නා පහරදී ජාතික ජනමාධ්‍ය හරහා මිනිසුන් විශාල පිරිසකට, දුක් වේදනා, රැකියා, ව්‍යාපාර අහිමිවීම්, පවුල් කැඩීම්, දරුවන්ට පාසැල් යාම්. බිරිඳට, මව්පියන්ට පාරේ බැස යන්නට බැරි තරමට ලැජ්ජාවට පත්කිරීම් ඇතිකර තිබේ.

විමල්ගේ අසීමිත වාචාලකම ඒ මිනිසුන්ට ඇතිකල චිත්ත වේදනාව, ඒ මිනිසුන්ගේ දරුවන්ට, කළත්‍රයන්ට, දෙමව්පියන්ට ඇතිකල චිත්ත වේදනා, මානසික පීඩා, ආර්ථික පාඩු වලට මිලක් නියමකල හැකිද? 

විමල්ගේ ප්‍රසිද්ද වාචාල ප්‍රහාරවලට ලක්වුනු කීදෙනෙකුගේ ආයුෂ කොට වන්නට ඇතිද? කී දෙනෙකු රෝගීන් වන්නට ඇතිද? කීදෙනෙකුගේ දරුවන්ට පාසැල් යාමට ලැජ්ජා නිසා අධ්‍යාපනය අතරමග කෙටි කලකට හෝ නතරවන්නට ඇතිද?

දිට්ඨ ධම්ම වේදනීය කර්මය විමල්ට පටිසන් දී තිබේ. සිය වාචාල වාග් චාතුර්යය මගින් විමල් මිනිසුන් ගණනාවකට ලබාදුන් වේදනාවන් දැන් නැවතත් ඔහුට, ඔහු පවුලට හා දරුවන්ට ලැබෙමින් තිබේ....

ඔබේ දියණියට මේ දැනෙන වේදනාව, මේ රටේ දරුවන් කීදෙනෙකුට ඔබ අත්කර දුන්නේද?

කණගාටුයි ඒත් විමල් කරන්න දෙයක් නැත........... වැපිරූ දෑ දැන් නෙළාගන්න.... 




 - කණ්ඩුළ හස්තිගිරි

Visit Me on Facebook

Thursday, January 12, 2017

චීනයටද හම්බන්තොට ගැන ප්‍රශ්ණ තිබේ - මහින්ද චීන තානාපති හමුවීමෙන් පසු



මේවාට හිනාවිය යුත්තේ කොහෙන්දැයි සිතාගත නොහැකිය. මහින්ද මහත්තයා පෙන්නනවාට වඩා දැඩි ලෙස අසරණවී, ඉඡ්ඡාභංගත්වයට පත්වී ඇති බව පෙනේ. නැතිනම් මේවගේ දෙකොණින් හිනායන කතා කියන්නේ නැත. මේ කතාව නාමල් කිව්වනම් කමක් නැත. නාමල් ගොනා බව නොදන්නේ ඌ විතරමය. 

මේ කතාව මහින්ද කිව්වේ චීන තානාපති හමුවීමෙන් පසුවය. චීන තානාපති දුවගෙන මහින්දව හමුවෙන්න ගියේ හම්බන්තොටදී නැටූ නාඩගමේ නූල් සූත්තරකාරයා මහින්ද බව හොඳින් දන්නා නිසාය.

දැන් මහින්ද කියන විධියට චීන තානාපති එනම් චීන රජයේ නිළ නියෝජිතයා මහින්දව හමුවී ඇත්තේ චීනයට හම්බන්තොට ගැන ප්‍රශ්ණ තියෙන බව කියන්නය. ඒ කියන්නේ මහින්ද තාමත් ජනාධිපති නැතිනම් ඔන්න මෙන්න ජනාධිපති කියලා චීනේ හිතාගෙන ඉන්නවා වගේය.

චීනයට හම්බන්තොට වරාය හෝ ආයෝජන ගැන ගැටලු ඇතිනම් අහන්න, විසඳගන්න කට්ටිය ඕනෑ තරම් ඉන්නවාය. 

1. ජනාධිපති
2. අගමැති
3. මුදල් ඇමති
4. ආයෝජන ඇමති
5. වරාය ඇමති

ආදී වගකිවයුතු, විසඳුමක් දෙන්න හැකි මිනිස්සු ඉන්දැද්දී චීන තානාපති ගිහින් මහින්ද හමුවෙලා අපිටත් හම්බන්තොට ප්‍රශ්ණ තියෙනවායයි කියලාය.

ආණ්ඩුවක් තියෙද්දී විපක්ෂයේ නාඩගම් කාරයින්ගෙන් ආණ්ඩුවේ ව්‍යාපෘති ගැන ප්‍රශ්ණ අහන සිරිතක් ලෝකේ විදෙස් සබඳතා රීතිවල (diplomatic protocol) නැත. 

මහින්ද විපක්ෂනායකවත් නොවන, නීත්‍යානුකූලව ගත්කල නිකම්ම නිකන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඉන්දැද්දී එයාගෙන් චීනාට අහන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ විතරය. මහින්ද නොකිව්වාට චීන තානාපති ගියේ ඔය ප්‍රශ්නේ අහන්නය.



 - කණ්ඩුළ හස්තිගිරි

Visit Me on Facebook

Wednesday, January 11, 2017

මාළිගාව වටේ කාර් රේස් දුවනකොට නොඹිදුනු කෝටියක් සංවර සීලය


දළදා මාළිගාව වටේ රේස් පදිනකොට නොඹිදුනු කෝටියක් සංවර සීලය දැන් බිඳී තිබේ. ඒ රට චීනාගෙන් බේරාගන්නටය.

සඟ ගැටවුන්ට ඇති ගැටළුව හම්බතොට ඉඩම් චීනාට දීමය. චීනාට දෙන්නට යන්නේ චීනේ ඉඩ නැති නිසා චීනුන්ට ඇවිත් පදිංචි වෙන්නට නොවන බව මේ ගණයියලාට නොතේරේ. 

ඒවගේම ජනමූල හිටපු රජා චීනාට මේවා දෙන්නට ගිවිසුම් ගහනකොට මේ ගණයියලා ඉපදිලා නැතුවා වන්නට පුලුවන. මේ කර්මාණ්ත පුරයන් ඇතිවූ විට ඒවායේ රස්සාවට යන්නේ චීනුන් නොව දකුණේ දුප්පත් කොල්ලන් කෙල්ලන් බවත්, මේ කරන්නේ උන්ගේ අනාගතය නැති කරන්නට බවත් ගණයන්ට තේරුම් ගන්නට උවමනාවක් නැත. 

දැන් කියන්නේ නවත්තපල්ලා කියලාය. හම්බන්තොට නවත්තපල්ලා, පෝට් සිටිය නවත්තපල්ලා, සයිටම් නවත්තපල්ලා, ස්ලිට්-එන්.එස්.බී.එම් නවත්තපල්ලා....... ආණ්ඩුවෙන්ම නිකන් උගන්නපල්ලා, රස්සා නැති හැම එකාටම ආණ්ඩුවෙන් රස්සා දීපල්ලා ඒවා කරන්න මිනිස්සුන්ගෙන් බදු ගන්නට හීනෙකින්වත් නොහිතපල්ලා.


ඥාණසාර ගණයියා හැම සිංහල ගෑණිටම, මිනිහටම ළමයි ගොඩක් හදන්නට කිව්වෙත් ඔය විධියටමය. වගේ වගක් නැතිවයි. ළමයි උපද්දන එක මහ කජ්ජක් නොවේ, එක රැයින් පුලුවන. ඒත් ඉපදුනු උන් පරිස්සම් කරන්නට, ලොකුමහත් කරන්නට, කන්ඩ බොන්ඩ දෙන්ට උගන්නන්ට යන කප්පරක් වියදම් කොහෙන්දැයි ගණයියලා කියන්නේ නැත. උඹලාට ළමයි වැඩිනම්, අමාරුනම් පන්සලට ගෙනෙල්ලා අපි බලා ගන්නම් කියන්නේ නැත. කියන්නේ හදපල්ලා කියලා විතරය.

ගණයියලා කොහොමත් දන්නේ කොටන්න විතරනෙ. පංසලේදී, විස්සවිජ්ජාලේදී විතරක් නෙමේ සිවුරු ගලවා ඩෙනිමට බැහැලා ගෑණියෙක් එක්ක රූම් ගියහමත් කරන්නේ කොටලා මාරු වෙන එක විතරමය.

මිනිහෙක් පන්සලට ගියොත්, ටයිල්, ෂීට්, ලයිට්, වයර්, කොමෝඩ් දොර ජනෙල් ඉල්ලනවාමය. පංසල් තනිකරම කන්ස්ට්‍රක්ෂන් සයිට් වී තිබේ. හාමුදුරුවෝ හරිම බිසී නිසා දානයකට ගෙන්නා ගන්නටත් අමාරුය. ඒත් කොහොම හරි චීනාගෙන් රටබේරාගත යුතුමය.