Sunday, January 15, 2017

GSP+ හා කක්කුටු සිංචල

රාජපක්ෂ කක්කුටුලාට තවත් අසුබ ආරංචියක් ආවේ ඊයේ පෙරේදාය. ඒ ජී.ඇ.පී+ සහනය ආපසු දෙන බවත්, විරෝධතා සඳහා කාලය ලබාදී යෝජනාව ස්ථිර කරන බවත්ය. අපනයන නෑ, ආයෝජන නෑ කියමින් අමාරුවෙන් ගෙන ආ වාහන එකලස් කිරීමේ ආයෝජනය හා ටයර් නිෂ්පාදන ආයෝජනයේ වැරදි කියමින් ඩෙඟා නැටූ රාජපස්ස නඩයේ පස්ස බිම ඇණී තිබේ. එය රජය නොව මේ රටේ මිනිසුන් ලැබූ ජයකි.

රටට ආදෙරෙයි, බුද්ධාගමට පණ දෙනවා කියපු උන් රට චිනාට සින්නක්කර විකුණමින්, දළදා මාලිගාව වටා රේස් පදිමින් අරක්කු විකුණමින් සියලු පජාති වැඩ කරනවිට ඉවසා වදාරා සිටි උණ්ඩුක පුච්ඡ නඩය කුලප්පු වන්නේ රටට ආයෝජනයක් එන විටය. රටේ ප්‍රශ්ණ මේ රටේම ජීවත් වන මිනිසුන් හා කතාබහ කොට විසඳාගන්නට යන විටය. රාජපක්ෂ නඩය උරුම කල මහමෙර වන් ණය බරෙන් ටිකක් හෝ ගෙවාගෙන ඒවායින් හදපු නැව් එන්නැති වරායට නැව් ටිකක් ගෙන්නා ගන්නට පොටක් පාදාගන්නට යනවිටය.

බයියලා අපට බණින්නේ රටේ මෙච්චර වින්නැහියක් වෙලත් මුන්ට ගාණක් නෑ කියලාය. වින්නැහිය වී ඇත්තේ රටට නොව රජපස රෙද්දේ හැංගී රට උලාකෑ උන්ට බව දැන් පැහැදිලි වේ.

වාහන 37ක් නෑයන්ට, සට්ටැඹියන්ට දී කෝටි ගණන් පාඩුකල එකා "යුතුකම් ඉටුකල උතුම් පුතා" කියමින් බයිලා ගහන්නේ හතර ගාතේ වැටී සිටින බයි නඩයයි. 

උන්ටනම් ආයේ ගොඩ එන්නට බැරිය. මේ ආණ්ඩුව වට්ටන්න බැරි බව කියන්නේ ජනපතිය. මොකා මොනවා කිව්වත් චන්ද්‍රිකා ආණ්ඩුව ගෙනිච්චේ පාර්ලිමේන්තුවේ එක චන්දෙකින් බව කක්කුටුලා වටහා ගත යුතුය. 

එහෙව් එකේ මහින්දතුමාට ආයේ රජවෙන්නට බැරිය. ගෝඨාතුමා ඉස්සරහට දාගෙන මොනවා ජල්ලියක් අල්ලන්නට පුලුවන. ඒත් ගෝඨාට කැමති උන් හැමෝම ගෝඨාගේ නැට්ටේ එල්ලි එන මහින්ද රාජපක්ෂගේ උරුලෑ සංහතියම ඔඩොක්කුවට දාගන්නට කැමති වෙන්නේ නැත. ගෝඨා උන්නැහේ උනත් මහින්දගේ සාටකයේ එල්ලෙන්නේ නැතුව කල් බලන්නේ මේ නිසා වන්නට පුලුවන. 

රාජපක්ෂගේ නැට්ටේ එල්ලී ඇවිත් කන්ඩ පුලුවන් තැන් වලට පැනගෙන නවත්තපු තැන ඉඳන් ආයෙත් කාගෙන කාගෙන යන්නට බලාගෙන කෙළ හලන තුප්පහි හිවල් නඩය ගැන අපට වඩා දන්නේ මොළයක් ඇති මිනිහෙක් වන, යුද්ධය ඉවර කරන්නට දැවැන්ත මෙහෙයක් කල ගෝඨාභ රාජපක්ෂ මහත්තයාමය. රජපස රජසමයට කෙලවුනේද උන් නිසාම බව රජපසට වඩා තේරුම් ගෙන ඇත්තේ ගෝඨාභය බව අපට සැක නැත.


2 comments:

  1. ඉතින් බන් ණය ෙගවා ගන්න අමාරැනු නන් ඉල්ලා අස් උනාම ඉවරයිෙන?

    ReplyDelete
    Replies
    1. :D ඔව් එතකොට එතුමාට ආයෙත් සැපත්වෙලා තව ණය ටිකක් අරගෙන තවත් කෙලවන්ඩ පුලුවන්නේ...

      Delete