Wednesday, January 11, 2017

මාළිගාව වටේ කාර් රේස් දුවනකොට නොඹිදුනු කෝටියක් සංවර සීලය


දළදා මාළිගාව වටේ රේස් පදිනකොට නොඹිදුනු කෝටියක් සංවර සීලය දැන් බිඳී තිබේ. ඒ රට චීනාගෙන් බේරාගන්නටය.

සඟ ගැටවුන්ට ඇති ගැටළුව හම්බතොට ඉඩම් චීනාට දීමය. චීනාට දෙන්නට යන්නේ චීනේ ඉඩ නැති නිසා චීනුන්ට ඇවිත් පදිංචි වෙන්නට නොවන බව මේ ගණයියලාට නොතේරේ. 

ඒවගේම ජනමූල හිටපු රජා චීනාට මේවා දෙන්නට ගිවිසුම් ගහනකොට මේ ගණයියලා ඉපදිලා නැතුවා වන්නට පුලුවන. මේ කර්මාණ්ත පුරයන් ඇතිවූ විට ඒවායේ රස්සාවට යන්නේ චීනුන් නොව දකුණේ දුප්පත් කොල්ලන් කෙල්ලන් බවත්, මේ කරන්නේ උන්ගේ අනාගතය නැති කරන්නට බවත් ගණයන්ට තේරුම් ගන්නට උවමනාවක් නැත. 

දැන් කියන්නේ නවත්තපල්ලා කියලාය. හම්බන්තොට නවත්තපල්ලා, පෝට් සිටිය නවත්තපල්ලා, සයිටම් නවත්තපල්ලා, ස්ලිට්-එන්.එස්.බී.එම් නවත්තපල්ලා....... ආණ්ඩුවෙන්ම නිකන් උගන්නපල්ලා, රස්සා නැති හැම එකාටම ආණ්ඩුවෙන් රස්සා දීපල්ලා ඒවා කරන්න මිනිස්සුන්ගෙන් බදු ගන්නට හීනෙකින්වත් නොහිතපල්ලා.


ඥාණසාර ගණයියා හැම සිංහල ගෑණිටම, මිනිහටම ළමයි ගොඩක් හදන්නට කිව්වෙත් ඔය විධියටමය. වගේ වගක් නැතිවයි. ළමයි උපද්දන එක මහ කජ්ජක් නොවේ, එක රැයින් පුලුවන. ඒත් ඉපදුනු උන් පරිස්සම් කරන්නට, ලොකුමහත් කරන්නට, කන්ඩ බොන්ඩ දෙන්ට උගන්නන්ට යන කප්පරක් වියදම් කොහෙන්දැයි ගණයියලා කියන්නේ නැත. උඹලාට ළමයි වැඩිනම්, අමාරුනම් පන්සලට ගෙනෙල්ලා අපි බලා ගන්නම් කියන්නේ නැත. කියන්නේ හදපල්ලා කියලා විතරය.

ගණයියලා කොහොමත් දන්නේ කොටන්න විතරනෙ. පංසලේදී, විස්සවිජ්ජාලේදී විතරක් නෙමේ සිවුරු ගලවා ඩෙනිමට බැහැලා ගෑණියෙක් එක්ක රූම් ගියහමත් කරන්නේ කොටලා මාරු වෙන එක විතරමය.

මිනිහෙක් පන්සලට ගියොත්, ටයිල්, ෂීට්, ලයිට්, වයර්, කොමෝඩ් දොර ජනෙල් ඉල්ලනවාමය. පංසල් තනිකරම කන්ස්ට්‍රක්ෂන් සයිට් වී තිබේ. හාමුදුරුවෝ හරිම බිසී නිසා දානයකට ගෙන්නා ගන්නටත් අමාරුය. ඒත් කොහොම හරි චීනාගෙන් රටබේරාගත යුතුමය.









No comments:

Post a Comment